ඇයි මේවට විතරක අවසර… අපිට අවසර දෙන්න බැරි ඇයි ? සංගීත ශිල්පින් අසයි (VIDEO)

April 13, 2021 at 12:16 PM

ඉකුත් සති අන්තයේ මිගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් කේන්ද්‍ර කරගනිමින් පැවති ආහාර වර්ග ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එම වැඩසටහන සඳහා විශාල පිරිසක් සහභාගිවී තිබු අතර එම ස්ථානය තුලදී කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා ලබාදී තිබු සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසිවක් ක්‍රියාවට නැංවි නොතිබූ බව ජායාරූප නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිවම පෙනීයන කරුණක් වනවා.

මේ අතර මේ දක්වා රටේ සංගීත කේෂ්ත්‍රයට කොවිඩ් අවධානම හේතුවෙන් කිසිදු ප්‍රසංගයක් සංවිධානය කිරීමට හෝ පැවැත්වීමට රජය අවසර ලබා නොදීම නිසා එම කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිස් ද දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙනවා.

මිගමුව ප්‍රදේශයේ පැවති Street food festival වැඩසටහනේ ජායාරූප කිහිපයක් පහතින්..