ධීවර සංස්ථාවට වාර්තාගත අලෙවියක්

April 13, 2021 at 10:30 AM

ශ්‍රී ලංකා ධීවර සංස්ථවේ ඉතිහාසයේ වැඩිම එක් දිනක අලෙවිය වාර්තා කල දිනය බවට අප්‍රේල් මස 12වන දින පත් වන ලදි.

සාමාන්‍යයෙන් දෛනිකව කිලෝ 14,000-15,000ක් අතර සාමාන්‍යයයකින් අලෙවි කරන ධීවර සංස්ථාව 12 වන දින කිලෝ 27,600කට අධික එක් දිනක වාර්තාගත අලෙවියක් සිදු කර ඇත.

ධීවර සංස්ථාවේ ඉතිහාසයේ කිසි දිනක කිලෝ 20,000 සීමාව මෙයට පෙර ඉක්මවා නොමැත.

පසුගිය කාලය පුරාම අධික අලාභ ලබමින් පවතින් ධීවර සංස්ථාව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකරගේ අධීක්ෂණයෙන් නවීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ නව අලෙවි ජාලයක් ඇති කිරීම සහ නව ක්‍රමවේදයක් තුල කළමණාකරණය සිදු කරමින් පවතී.