තරුණයෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර (VIDEO)

April 13, 2021 at 12:27 PM

නුවර – කොළඹ මාර්ගයේ, කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රී 11.30ට පමණ වේගයෙන් පැමිණි යතුරුපැදියක් එක්වරම U හැරවුමකින් හරවා ඉදිරියට ගමන් කරනවාත් සමග ම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසුපැදිකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

යතුරුපැදිකරු හා පසුපැදිකරු බීමතින් සිට ඇති බවත් නොසැලකිළිමත් ලෙස යතුරුපැදිය පැදවීමෙන් අනතුර සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කර සිටින්නේ.

අනතුරින් 30 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, තවත් රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.