අධිවේගී මාර්ගයේ සෙල්ලම් දැමු කාර් රථය පොලිස් භාරයට

April 13, 2021 at 9:18 AM

දක්ෂිණ අධිවේග මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ කාර් රථය පොලිස් භාරයට ගෙන රියැදුරුගෙන් සහ එම රථයේ හිමිකරුගේ පුත්‍රයාගෙන් ඊයේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පොලිසිය කළ දැනුම් දීමට අනුව ඔවුන් අධීවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය වෙත පැමිණ තිබුණා.

සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවක දැක්වුණේ අධීවේගී මාර්ගයේ ගමන් කරන කාර් රථයක කවුළු මත හිඳ සිරුරු එළියට පෙනෙන සේ ගමන් කරන තරුණයන් කිහිප දෙනෙකි. එම තරුණයන් කවුරුන් ද යන්න මේ වන විට පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔවුන්ද පොලිසියට කැඳවනු ලැබුවා.

මහනුවර ප්‍රදේශයේ පදිංචි කර් රථයේ හිමිකරු නිසි පැවරීමකින් තොරව වෙනත් අයකුට වාහනය අලෙවි කර තිබෙන බව මේ වන විට හෙළි වී තිබෙන අතර වාහනය මිල දී ගෙන ඇත්තේ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ පුත්‍රයා පොලිසියට පැමිණ ඇත්තේ එම හිමිකරු මේ වනවිට ශල්‍යකර්මයකට භාජන කර ඇති හෙයිනි.

සියලු දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු නීතිමය පියවර ගැනෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.