හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය වාර 30ක් අවලංගුයි

April 12, 2021 at 9:46 AM

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට සහ අනිද්දා දින දෙකේ පමණක් එම දුම්රිය ගමන්වාර අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

කෙසේවෙතත් අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවද ඔවුන් සඳහන් කළේ.

මේ අතර අලුත් අවුරුදු සමය තුළ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවය කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බව ප්‍රවහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ.