රංජන් වෙනුවෙන් හරින් මන්ත්‍රී ධුරය අත්හරී ?

April 12, 2021 at 2:34 PM

මැයි මාසයේදී පාර්ලිමේන්තු රැස්වීම යලි ආරම්භ වීමෙන් පසු සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

” ඒ ලබන මැයි මස පළමු සතියේදී රංජන් රාමනායක වෙනුවෙන් මම දේශපාලනික තීන්දුවක් ගන්නවා. මම ආණ්ඩුවට අභියෝග කරනවා, ඔවුන් එය ඉටු කලොත් මම යලිත් වරක් මෙරට ජනතාවට මගේ කොන්ද පෙන්වනවා… අද මම කුතුහලයක් ඇති කරනවා” යැයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඊයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කර සිටියා.

සමගී ජනබල වේගය පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව රන්ජන් රාමනායකට යලි පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය පරිත්‍යාග කිරීමට සුදානම් බව දන්වමින් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත.

සිව්වසරක සිර දඬුවම් සඳහා නියමවූ රන්ජන් රාමනායක හට විශේෂ සමාවක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බලාපොරොත්තුවෙන් සිටින බවත්, ඒ අනුව රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.