පිහිණුම් වාර්තාවක් තබමින් ගුවන් හමුදා නිලධාරියා තලෙයිමන්නාරම වෙරළට ලඟා වෙයි (VIDEO)

April 11, 2021 at 9:04 AM

නව ආසියාතික පිහිණුම් වාර්තාවක් පිහිටුවීම සඳහා ඊයේ අලුයම 2ට තලෛමන්නාරම වෙරලේ සිට ආරම්භය ලබාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මිට සුළු මොහොතකට පෙර යලි මෙරටට පැමිණියා.

ඔහු ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා පිහිනාගොස් යළි ආරම්භක ස්ථානයට ළඟාවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

මෙම වාර්තාව පිහිටුවීම සඳහා ඔහු පිහිණා ගිය සමස්ත දුර කිලෝමීටර 59.3ක් වනවා.

ඔහු යලි තලෙයිමන්නාරම වෙරළ තිරයට පැමිණි අවස්ථාවයි මේ.