බිමත් රියැදුරන් සහ නිරෝධායන නීති කඩන පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක්

April 10, 2021 at 10:49 AM

බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (10) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්ම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ පවසනවා.

උත්සව සමයේ සිදුවිය හැකි රිය අනතුරු ඉහළ යාම හා කොවිඩ් පැතිරීම පාලනයට අද සිට මෙම විශේෂ පොලිස් මෙහෙයුම ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

අලුත් අවුරුද්ද සමය තුළ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් වෙනුවෙන් රුපියල් හාර කෝටියකට අධික වටිනාකමකින් යුත් බීමත්කම පරීක්ෂා කිරීමේ ශ්වසන වායු උපකරණ හැත්තෑදහසක් (70,000) පොලිස් රථ වාහන මූලස්ථානය දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත ලබාදී තිබෙනවා.

අවශ්‍ය වුවහොත් තවත් ශ්වසන වායු උපකරණ 65,000ක් පමණ පොලිස් රථවාහන මූලස්ථානය සතුව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කර සිටියේ.