රහස් පොලිසියට නව අධ්‍යක්ෂකවරයෙක්

April 10, 2021 at 8:38 AM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මීට පෙර එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ.

සේවයේ අවශ්‍යතාවය මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.