ලෝක විවාහක රූ රැජිණ “කැරොලයින්” ගේ කිරුළ භාරදීම ගැන චන්දිමාල් ජයසිංහ කරුණු පැහැදිලි කරයි

April 10, 2021 at 9:01 AM

2020 ලෝක රූ රැජිණ ලෙස අභිෂේක ගැන්වූ කැරොලයින් ජුරි විසින් සිය කිරුළ යලි භාර දෙන බවට ඊයේ වීඩියෝ පටයක් නිකුත් කරමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ විසින් සිය ෆේස්බුක් ගිණුමේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

” වැරදි වැටහිමක් පමනක් සමාජගතවමින් ඇත. මේ කියන්නේ , නුදුරේදීම මෙරටදී පැවැත්වෙන Mrs. World තරඟයේදී සම්මතය පරිදි කිරුළ ඊලඟ ජයග්‍රාහිකාවට පළඳවන බව මිස පසුගියදා සිදුවීම නිසා කිරුළ අත් හරින බව නොවේ.” චන්දිමාල් ජයසිංහ සිය ෆේස්බුක් ගිණුමේ කැරොලයින් ජුරිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සටහන් කර තිබුනේ මෙවන් සටහනක්.

ඒ අනුව පසුගියදා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී සිදුවූ සිදුවීම අරභයා කැරොලයින් ජුරි සිය කිරුළ අත්හැරීමක් සිදුකොට නොමැති අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත Mrs. World තරගයේදී ජයග්‍රාහිකාව වෙනුවෙන් සිය කිරුළ ලබාදීම උදෙසා ඇය සිය කිරුළ භාරදී ඇති බවයි චන්දිමාල් ජයසිංහ සඳහන් කරන්නේ.

ඔහු තබා තිබු ෆේස්බුක් සටහන පහතින්,