දේශීය සයිකල් නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍යයි – ක්‍රීඩා ඇමති කියයි (VIDEO)

April 10, 2021 at 2:24 PM

දේශීය සයිකල් නිෂ්පාදනය වැඩිකළ යුතු බවත් ඒ සඳහා දේශීය නිෂ්පාදකයින් දිරි ගැන්වීම සඳහා රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කරනු ලබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අද සිට සෑම සෙනසුරාදාවකම පැවැත්වීමට නියමිත “ෆැමිලි රන් සැටර්ඩේ” නම් වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ වන විට රටේ ජනතාව නිරෝගිමත් දිවිපෙවෙතක් සඳහා යොමු කිරීම සඳහා සුවිශේෂි වැඩසටහන් කිහිපයක්ම ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ජනතාව තුලද යහපත් උනන්දුවක් ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ.