MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන කාන්දුවෙන් සිදුවූ හානියට රුපියල් බිලියන 3.4ක වන්දියක් ඉල්ලයි

April 9, 2021 at 1:28 PM

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී අනතුරට ලක්ව තෙල් කාන්දුවක් සිදුවූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකාරීත්වයෙන් රුපියල් බිලියන 3.423 ක් අයකර ගැනීමට අවශ්‍ය ලේඛන නීතිපතිවරයා විසින් ඉදිරිපත්කර තිබේ.

එම ලේඛන අදාළ නැව අයත් සමාගමේ නීතිඥවරුන්ට භාරදුන් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කර සිටියේ.

2020 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී MT නිව් ඩයමන්ඩ් නැමති ඉන්ධන රැගත් නෞකාව අනතුරට ලක්වීමෙන් එහි තෙල් කාන්දුවක් සිදුවු අතර ඒ හේතුවෙන් සිදුවූ සාගර දූෂණය වෙනුවෙන් එම මුදල ගෙවන ලෙස නීතිපතිවරයා විසින් අදාළ නීතිඥවරුන් මාර්ගයෙන් නැව් සමාගමට දැනුම්දී තිබේ.