භූගත බංකරයක සැඟවී සිටි ‘ජීටි’ අත්අඩංගුවට

April 9, 2021 at 9:40 AM

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන සරත් කුමාර නොහොත් ‘චීටි’ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාවේ නිවසක භූගත බංකරයක් තුළ සැඟව සිටියදී අද උදෑසන මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඉන්දියාවේදී මියගිය බවට සැක කෙරෙන අංගොඩ ලොක්කා මුලින්ම අපරාධ සඳහා යොමු කළ තැනැත්තා මොහු බවයි.

44 හැවිරිදි මෙම සැකකරු නොවැම්බර් 12 වෙනිදා වැලගමදී විශේෂ කාර්ය බලකාය වැටලූ හෙරොයින් කිලෝ 112 සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි 9 වැනි සැකකරු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.