2021 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 ඇරඹේ – අධ්‍යාපන ඇමති

April 9, 2021 at 1:49 PM

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. අමාත්‍යවරයා මේ බැව් පැවසූවේ අද දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින්ය.

මිට අමතරව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03 වන ඉරිදා දිනයේ දී සහ 2021 වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමට ත් සැලසුම්කර තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය නිසා පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්වයකට පත්වු බවයි මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

‘සාමාන්‍යයෙන් වර්ෂයකට පාසලක් ක්‍රියාත්මක වෙනවා දින 200ක්. නමුත් මේ වර්ෂයේ ක්‍රියාත්මක වුණේ දින 150ක් පමණයි. එය බස්නාහිර පළාතේ දින 130ට අඩු වී තිබෙනවා. මාර්ගගත ක්‍රමයෙන් මේ අඩුව සම්පුර්ණ කරන්න බාධාවක් වුණේ අන්තර්ජාල පහසුකම් දිවයිනේ හැම ප්‍රදේශයකටම එක ලෙස නොමැති වීම නිසයි. ඒ අනුව බොහොම පරෙස්සමින් සාකච්ඡා කරලා තීරණවලට එළඹුණා’ යැයි අමාත්‍යවරයා සඳහන් කර සිටියා.