කුඩා දරුවෙකු යොදා ගනිමින් නිමි ඇඳුම් වෙළෙඳසැලක සිදුකළ සොරකම (VIDEO)

April 9, 2021 at 9:09 PM

බාල වයස්කාර දරුවෙකු යොදා ගනීමින් සිදුකරනු ලැබූ සොරකමක් CCTV කැමරාවක සටහන්ව තිබෙනවා. නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ නිමි ඇඳුම් වෙළෙඳසැලක් තුලදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බාල වයස්කාර දැරියක් සමග පැමිණෙන තරුණයෙකු එම වෙළෙඳසැලේ ඇඳුම් මිලට ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ ආසන්නයට ගොස් කුඩා දරුවා ලවා මුදල් පසුම්බිය සොරකම් කරන අයුරු එහි දැක්වෙනවා.

සොරකම් කිරීමෙන් පසුව භාණ්ඩ මිලදී ගත් පුද්ගලයින් ලෙස ඔවුන් ඇවිදන් යන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

ඇඳුම් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගික කාන්තාවගේ මුදල් පසුම්බිය අස්ථානගතවීම නිසා ඒ සම්බන්ධයෙන් නිමි ඇඳුම් වෙළෙඳසැලේ හිමිකරුවන් විසින් ගනුදෙනුකරුවන්ට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

මෙවැනි සිදුවීම් දිවයිනේ නන් දෙසින් වාර්තා වන බවත් උත්සව සමයේදී ගැට කපන්නන් ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිසිය දැනුම් දී සිටිනවා.