සහන මල්ල ගැන බොරු ප්‍රචාර සිදුකරන අයට එරෙහිව වෙළෙඳ ඇමති පොලිස් පරීක්ෂණයක් ඉල්ලයි (VIDEO)

April 9, 2021 at 1:42 PM

සතොස සමාගමෙන් ජනතාවට ලබාදෙන සහන මල්ල සම්බන්ධයෙන් වැරදි අර්ථ කථන ඉදිරිපත් කරනු ලබන පාරිභෝගික සුරැකීමේ සංගමය වැනි සංගම් සහ පුද්ගලයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලිසියෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

” ජනතාවට ලබා දෙන සහන ගැන ඇතැම් සංගම් සහ පුද්ගලයින් රාජ්‍ය විරෝධී අයුරින් ප්‍රචාර සිදුකරනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මගෙන් ප්‍රශ්නයක් ඇහුවා රුපියල් 1000ට ලබා දෙන සහන බඩු මල්ල ගැන.

මම කිව්වා ඒක සතියකට දෙකකට ඇති කියලා. පස්සේ ඇහුවා කීදෙනෙක්ටද කියලා. මට කියවුනා පවුලකට කියලා. ඒ එක්කම සතොස සභාපතිතුමා කිව්වා ඒක එක්කෙන්ක්ට ඇතිවෙන්නේ කියලා. මම සිදුවූ දේ නිවැරදි කලත් කලින් කිව්ව කතාව අල්ලන් තමයි අවසානයේදී කතාව ප්‍රචාරය කලේ” ඇමතිවරයා කියා සිටියා.