මොහාන් සමරනායකට නව තනතුරක්

April 9, 2021 at 7:09 PM
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ජේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පත්කර තිබෙනවා.

මිට පෙර ඔහු ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක ජනරාල් ධුරය හොබවනු ලැබුවා.