පල්ලෙකැලේ පැවැත්වෙන්නේ වත්මන් ක්‍රිකට් කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයක් නොවෙයි

April 9, 2021 at 9:51 AM

මැයි මස 04 වෙනිදා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ වත්මන් ක්‍රිකට් කණ්ඩායම අතර වන තරගයක් නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

මෙම ප්‍රදර්ශනාත්මක තරගය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක නිර්මාණය කරනු ලබන්නේ හිටපු, වත්මන් සහ නැගී එන යොවුන් ක්‍රීඩකයින්ගේ එකතුවකින් බවයි වාර්තා වන්නේ.

මෙම තරගය ශ්‍රී ලංකා පිල සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර පැවැත්වෙන තරගයක් ලෙස නම් කිරීම වැරදි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටියේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ යෝජනාවක් අනුව පැවැත්වෙන මෙම තරගය මැයි මස 04 වෙනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවත්වීමට නියමිතයි.