ඩොලරයේ විකුණුම් අගය රුපියල් 203 ඉක්මවයි

April 8, 2021 at 2:00 PM

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රු. 203.50 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

දිනපතා ප්‍රකාශයට පත්කරනු ලබන විනිමය අනුපාතික සටහන හරහා මහ බැංකුව මේ බව අනාවරණය කර සිටීයා. අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල ද මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රු. 199.21 ක් දක්වා වැඩි වී තිබේ.

මීට පෙර ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ගැනුම් (රු.198.56) හා විකුණුම් (රු.202.88) අනුපාතිකයන් ඊයේ දිනයේ දී වාර්තා වී තිබුණා.

මේ අතර වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී ලංකා බැංකුව රු. 205.03 ක්, මහජන බැංකුව රු. 205.43 ක්, කොමර්ෂල් බැංකුව රු. 203.90 ක් හා සම්පත් බැංකුව රු. 204.35 ක් ලෙසින් අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.