අන්ලිමිටඩ් අන්තර්ජාල පහසුකම් අලුත් අවුරුද්දට පෙර – TRC සභාපති (VIDEO)

April 8, 2021 at 5:23 PM

මෙරට දුරකතන පාරිභෝගිකයින්ගේ ඩේටා ඉවරයි කියා සබඳතා අවහිර නොකර සම්පූර්ණයෙන්ම ඩේටා අසීමාන්තිකව ලබාදෙන පැකේජ හඳුන්වා දෙන්නැයි විදුලි සංදේශ නියාමන කොමිසම දුරකතන සමාගම් වලට නියෝග කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක සඳහන් කරන්නේ මෙම නියෝගය තවත් නොබෝ දිනකින්ම දුරකතන සමාගම් විසින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන් පසුව කිසිදු බාධා කිරීමකින් තොරව පාරිභෝගිකයින්ට මෙම සමාගම් විසින් මෙම පැකේජ යටතේ අසීමාන්තිකව ඩේටා පහසුකම් ලබාදිය යුතු බවයි.

“ශ්‍රී ලංකාව තුළ මෙතෙක් අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ක්‍රියාත්මක වුණේ අර්ධ වශයෙන්. නමුත්, පාරිභෝගිකයින්ට සම්පූර්ණයෙන්ම අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ලබාදෙන පැකේජ හඳුන්වා දෙන්නැයි අපි මෙරට ක්‍රියාත්මක දුරකතන සමාගම් වලට නියෝගයක් කළා.බොහෝ විට ලබන සතිය වන විට මෙය ක්‍රියාත්මක වේවි.“

ඔහු මේ බව පවසන්නේ අන්තර්ජාල නාලිකාවක් සමගින් පැවති සාකච්ජාවේදීය.