විමල් ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් නිදහස් පක්ෂ මුලස්ථානයට (VIDEO)

April 8, 2021 at 10:09 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා. එම රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ සන්ධානය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් එක්වී සිටිය බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරුන් වන විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ 11ක නායකයින් මෙම රැස්වීමට එක්ව සිටිය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු එම පක්ෂයේ ජේෂ්ඨයින් රැසක් ඊට එක්ව තිබෙනවා.

මෙම රැස්වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණයට අදාලව ගෙන ඒමට බලාපොරොත්තුවන පනත ගැන මෙන්ම රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.