ලෝක විවාහක රූ රැජිණ කැරලොයින් ජුරි අත්අඩංගුවට

April 8, 2021 at 2:20 PM

ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරි සහ නිරූපිකාවක් වන චුලා පද්මෙන්ද්‍ර කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගියදා පැවති විවාහක රූ රැජිණ තරගයේදී සිදුවූ සිදුවීම හා සම්බන්ධයෙන්.

පසුගියදා පැවති විවාහක රූ රැජිණ තරගයේදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කැරොලයින් ජුරි සහ චුලා පද්මෙන්ද්‍ර හට අද දිනයේදී කුරුඳුවත්ත පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. ඒ අනුව ඔවුන් පොලිසියට පැමිණ සිටියදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.