රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන නිසා පාර්ලිමේන්තුව උණුසුම් : සභාවේ වැඩකටයුතු අත්හිටුවයි (VIDEO)

April 8, 2021 at 10:50 AM

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ විවාදයකදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකළ ප්‍රකාශයක් සමග ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මිනිත්තු 05ක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියා.

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය අහෝසි කිරීමට කථානායකවරයා ක්‍රියා කිරීම නිසා අද දිනයේදී ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළදගෙන පාර්ලිමේන්තු සභාවට පැමිණියා.

මෙහිදී අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර ඇතිවුයේ උණුසුම් සංවාදයක්.