කැරොලයින් සහ චුලා පොලිස් ඇප මත මුදා හරියි

April 8, 2021 at 5:48 PM

විවාහක රූ රැජිණ තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරි සහ නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍රන් යන දෙදෙනා පොලිස් ඇපමත මුදා හැරිමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමර්ශන සිදුකරනු ලබන බවත් කැරොලයින් ජුරි සහ චුලා පද්මේන්ද්‍රන් හට ලබන 19 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත.