රන්ජන්ගේ මන්ත්‍රීධුරය හිස්වෙයි – අජිත් මාන්ප්පෙරුමට පාර්ලිමේන්තු එන්න අවස්ථාවක්

April 7, 2021 at 10:27 AM

රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය හිස්වූ බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කරනු ලැබුවා. සිය මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඔහු විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවත් එය පසුගියදා අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ අතර රන්ජන් රාමනායකගෙන් හිස්වූ මන්ත්‍රීධුරය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊළඟට වැඩිම මනාප හිමිකර ගත් අජිත් මානප්පෙරුමට අවස්ථාව හිමිවනු ඇති.