සහල් කිලෝ 3ක් සහ සීනි කිලෝ එකක් පවුලකට සති දෙකකට ඇති – ඇමති බන්දුල ගුණවර්ධන

April 7, 2021 at 6:35 AM

සහල් කිලෝග්‍රෑම් තුනක් සහ සීනි කිලෝග්‍රෑම් එකක් එක පවුලක් සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.එක් පවුලකට රුපියල් දහසේ සහන මල්ලක් පමණක් දෙන්නේ එම නිසා බවත් වෙළෙඳ ඇමැතිවරයා පවසා සිටියේ.

සහල් කිලෝගෑම් තුනක්, පරිප්පු කිලෝග්‍රෑම් එකක්, සීනි කිලෝග්‍රෑම් එකක්, පිටි සහ ලුණු කිලෝග්‍රෑම් එකක් ඇතුළු කිලෝග්‍රෑම් හතක බඩු ප්‍රමාණයක් සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් රුපියල් දහසක් වැනි සුළු මුදලකට ලබාදීම, වෙළෙඳසලකට ගොස් බඩු බාහිරාදිය මිලදී ගෙන නැති පුද්ගලයකුට විශාල පුදුමයක් විය හැකි බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළා.

සතොස ආයතනයෙන් මෙම සහන මල්ල ලබාදෙන මුදලටත් වඩා අඩු මුදලකට වෙනත් පෞද්ගලික වෙළඳසල්වලින් මෙම බඩු මල්ල පාරිභෝගික ජනතාවට ලබාදෙනවානම් ඒ පිළිබඳව සතුටු වන බවත් ඇමැතිවරයා කියයි. ඇමැතිවරයා මේ බව කියා සිටියේ එම වෙළෙඳ අමාත්‍යංශයේ පෙරේදා (5 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජනතාවට ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක බඩු බාහිරාදිය පමණක් ලබාදෙන ලෙස තමන් එලෙස අඩු මුදලකට සහන මලු ලබාදෙන වෙළෙඳසල්වලින් ඉල්ලා සිටින බවත් බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියා.