ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරගයට දින වෙන් කෙරේ

April 7, 2021 at 4:57 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ආධාර එක්රැස් කිරීමේ ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ලබන මැයි මස 04 වෙනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත.

මිට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්විය යුතු බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යෝජනා කර සිටියා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පසුගියදා අවසන් වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ අනු ශුරතාවය දිනා ගනු ලැබුවා.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අවසන් වී මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ සිටිනවා.