විදේශගත ලාංකිකයින්ට දිවයිනට ඒමේදී පෙර අවසරයක් අවශ්‍ය නැහැ

April 6, 2021 at 2:19 PM

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරටට පැමිණීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගැනීම අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මිට පෙර විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගත යුතුව තිබුණා.

දිවයිනට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රියාවලියට යටත්වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටිනවා.