මිස් ශ්‍රී ලංකා පුෂ්පිකා කඳුළු සලමින් සිදුවූ සිදුවීම හෙළිකරයි (VIDEO)

April 6, 2021 at 5:30 PM

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නිතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව පසුගියදා අවසන් වූ විවාහක රූ රැජිණ තරගයේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා සඳහන් කර සිටිනවා.

අද දිනයේ දී පැවති උත්සවයක දී පුෂ්පිකා ද සිල්වාට මෙරට තරග සංවිධායකයින් විසින් යලි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

” මට මේ දේ කරපු සියලු දෙනාටම මම සමාව දෙනවා. දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලයි. මගේ දෙමව්පියන් මාව හැදුවේ ඒ විදිහට” පුෂ්පිකා ද සිල්වා සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දක්වමින් විවාහක රූ රැජිණ තරගයේ මෙරට ජාතික තරග සංවිධායක චන්දිමාල් ජයසිංහ සඳහන් කර සිටියේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි සේ කණගාටුවට පත්වන බවයි.