රට තුලට ගෙනා බහාලුම් 61ක පිළිකාකාරක තිබුණා : වැඩි ප්‍රමාණයක් පරිභෝජනය සඳහා නිදහස් කරළා (VIDEO)

April 6, 2021 at 6:30 PM

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී රට තුලට පැමිණි බහාලුම් 61ක ඇෆලටෝක්සින් අඩංගුව තිබු බවත් ඒවා වැඩි ප්රමාණයක් පරිභෝජනය සඳහා නිදහස් කර යැවූණා. සෞඛ්ය අමාත්යාංශයේ ආහාර පාලන ඒකකයේ ඒ සම්බන්ධයෙන් වන කරුණු ගැන හොයා බලන්න පුළුවන් බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

“අද වන විට ආනයනික පොල්තෙල්වල ඇෆලටෝක්සින් පිලිකාකාරකය අති බවට වන මතය සමග මේ වන විට ලංකාව පුරා පොල්තෙල් සාම්පල් ලබා ගෙන පරික්ෂා කිරීම් සිදුකලත් මිට පෙර දේශීයව නිපදවනු ලබන පොල්තෙල්වල වලද එම පිළිකාකාරකය අඩංගු බවට කරුණු අනාවරණය වූ බවයි මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙරටට ගෙන්වනු ලබන මාළු වලින් සීයයට 50ක් ආසනික් ප්රමාණය වැඩිනිසා ප්රතික්ෂේප කරන බවත් ඇතැම් කරුණු මාධ්ය හමුවේ කිව නොහැකි බවයි ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.