අනේ මං දන්නේ නෑ හාමුදුරුවනේ අධ්‍යාපනයේ ජී.එල්. මොකවත්ම කරන්නෙ නැහැ – එස්.බී. දිසානායක (VIDEO)

April 5, 2021 at 8:28 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොන තරම් වැඩ කෙරෙනවා යැයි පැවසුවත් නිලධාරීන් සහ ඇමතිවරුන් අතින් ඒ කිසිවක් ඉටු නොවෙන්නේ යැයි තමන් ඒ මහතාටම සෘජුවම පෙන්වා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසනවා.

“දැන් පහුගිය දවස්වල ජනාධිපතිතුමා මේවා මේවා මේවා මේවා කරනවා, මෙච්චර දේවල් කරද්දිත් මිනිස්සු හොඳටම බනිනවා අපට කියලා කිව්වා. මං හොඳටම වැටිලා ඉන්නෙ, මොකද කියලා ඇහුවා. ලේකම්වරු ටිකත් හිටියා.

ඒ පාර මං කිව්වා ඔබතුමා කිව්ව කිසිදෙයක් කෙරිලා නෑ කියලා. ඇයි එහෙම කියන්නෙ කියලා ඇහුවා. මං කිව්වා ඔය ඉස්සරහා ඉන්නෙ අධ්‍යාපන ලේකම්. දැන් ඔබතුමා කිව්වානෙ ජාතික පාසල් 1000ක් හදනවා කියලා, දැන් අහන්න කීයක් හදලා තියෙනවද කියලා. එකක්වත් නැහැ. ඊට පස්සෙ මං කිව්වා, දැන් ඉඩම්. ඔය ඉන්නෙ ඉඩම් ලේකම්. 15000 – 20000ක් දෙන්න තියෙනවා මිනිස්සුන්ට. ඒක තාම වෙලා නෑ. අපෙ හාමුදුරුවනේ, කිව්වත් වෙන්නෑ.. අධ්‍යාපනේ ජී. එල්. මොකවත්ම කරන්නේ නැහැ.

අපි හදාගත්ත ආණ්ඩුවනෙ අපෙ හාමුදුරුවනේ. වේගෙන් වැඩ කරන්න ඕනෙ අපෙ හාමුදුරුවනේ, එහෙම නැතුව බෑ” යනුවෙනුයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (04) ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති හිමියන් බැහැදැකීමට පැමිණ උන්වහන්සේ සමග පිළිසඳරක නිරත වෙමිනි.