කැරෝලයින් ජුරි සහ අනෙක් කාන්තාව මේ දක්වා පොලිසියට පැමිණ නැහැ : පුෂ්පිකා වැරදි නම් වෙනත් අයෙකුට කිරුළ දෙනවා – චන්දිමාල් ජයසිංහ (VIDEO)

April 5, 2021 at 9:06 PM

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ දී ඇතිවූ සිදුවීමට අදාලව ලෝක විවාහක රූ රැජිණ වන කැරෝලයින් ජුරි සහ අනෙක් කාන්තාව මේ දක්වා පොලිසියට පැමිණ නොමැති බවත් ඉදිරියේදී තමන්ට ද ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන් බවට විවාහක රූ රැජිණ ජාතික තරග සංවිධායක චන්දිමාල් ජයසිංහ Hari TV යුටියුබ් නාලිකාව සමග එක්වෙමින් ප්‍රකාශ කර සිටිනවා.

මෙම තරගාවලියේ අවසන් මහ තරගය සඳහා විනිශ්චය සඳහා පත් කරනු ලැබූ 07 දෙනාගෙන් 05 දෙනෙකු ලෝක විවාහක රූ රැජිණ වන කැරෝලයින් ජුරි විසින් පත් කරනු ලැබූ බවයි චන්දිමාල් ජයසිංහ මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මෙම තරගාවලිය පුරාවට කැරෝලයින් ජුරි විසින් කටයුතු කළ බවත් ඒ කිසිදු අවස්ථාවකදී ඇය පුෂ්පිකා ද සිල්වා සම්බන්ධයෙන් ඊයේ වේදිකාවේ දී සිදුකළ ප්‍රකාශයට අදාලව කිසිදු ප්‍රශ්නයක් මතු නොකළ බව ද චන්දිමාල් ජයසිංහ කියා සිටියා.

දික්කසාදය සහ වෙන්ව සිටීම යන කරුණු සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු ගැන සොයා බලන බවත් පුෂ්පිකා ද සිල්වා යම් හෙයකින් වැරදි දෙයක් සිදුකර ඇත්නම් ඇය වෙනුවට වෙනත් අයෙකුට කිරුළ ලබාදීම සිදුකරන බවයි චන්දිමාල් ජයසිංහ කියා සිටියේ.

Hari TV යුටියුබ් නාලිකාව සමග එක්වෙමින් චන්දිමාල් ජයසිංහ විසින් සිදුකළ සම්පුර්ණ සාකච්ජාව පහතින්.