ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරියට එරෙහිව GMOA ගෙන් පොලිසියට පැමිණිල්ලක් (VIDEO)

April 5, 2021 at 6:34 PM

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්නට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකරන බව එම සංගමය සඳහන් කර සිටිනවා. ඒ පසුගියදා ඇය විසින් සිදුකළ සම්මුඛ සාකච්ජාවකදී ඇය විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

මෙරට ජනතාව පිළිකාකාරක ආහාර වර්ග පරිභෝජනයට තිබෙන බවත් එම ආහාර වර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් බවට එම ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය විසින් සිදුකළ ප්‍රකාශයෙන් හැගවෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පෙන්වා දෙන්නේ.

එවැනි ආහාර වර්ග ජනතාවට පරිභෝජනය කිරීමට ඉඩ ලබානොදී ඒවා වැළැක්වීම කටයුතු කිරීම සිදුකිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කළ යුතු වුවත් එවැනි තත්ත්වයක් සිදුනොකර ඇති බවයි ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

දැන දැනම රටේ ජනතාවට පිළිකාකාරක අඩංගු ආහාර වර්ග භාවිතයට ඉඩ දී ඒවා වැලක්වීම අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් සම්පුර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙසට අද දිනයේදී පොලිස්පතිවරයාට විශේෂ පැමිණිල්ලක් සිදුකරනු ලබන බවයි එම සංගමය සඳහන් කර සිටියේ.