මම හරිම කණගාටු වෙනවා කාදිනල්තුමාගේ ප්‍රකාශය ගැන : හිටපු ජනපති

April 5, 2021 at 4:28 PM

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නාවල ප්‍රදේයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ප්‍රශ්නය – පළාත් සභාවට ඔබතුමාලා තනියමද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා – තවම ඉතින් පළාත් සභාව ගැන පනතවත් නැහැනේ. පනත පාර්ලිමේන්තුවට එන්නට ඕනේ. පාර්මේන්තුවට ගෙනා විට ඒ පනත සම්මත වුණාම හැරෙන්නට ඒ ගැන තවම සාකච්ඡාවක් කරලා නැහැ.

ප්‍රශ්නය – කාදිනල් හිමිපාණන් කියපු දේ ගැන පිළිතුර කොහොමද ? ඔබතුමා රෙදි ඇදගෙන ඉන්නේ ඇහුවා. මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා – මම හරිම කනගාටුවෙනවා උන්වහන්සේගේ ප්‍රකාශය ගැන.