පණුවන් දෙන්නෙකුට අඩු ටින් මාළු මිනිස් පරිභෝජනයට සුදුසුයි කියා මින් පෙර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අවසරදී තිබුණා : මන්ත්‍රී විජයදාස රාජපක්ෂ (VIDEO)

April 4, 2021 at 7:14 PM

මෙරට ජනතාවට විෂ සහිත සහ පිළිකාකාරක අඩංගු ආහාර ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරිනු ලබන සියලුම ව්‍යාපාරිකයින්, ඔවුන් ආරක්ෂා කරනු ලබන රජයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඬුවම නියම කළ යුතු ආචාර්ය ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

පොල් සංවර්ධන අධිකාරියේ නිල වාර්තාව අනුව මෙරට වෙළෙදපලේ ඇති පොල්තෙල් ප්‍රමාණයෙන් සියයට 84ක ඇෆලටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු බවට හෙළිවී ඇති බවද මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ.

පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙළෙදපලේ නොමැති බවට කියන නිලධාරීන් ඇතුළු දේශපාලඥයින් වෙලෙදපාලේ ඇති මෙම පොල්තෙල් මාස 03ක් පරිභෝජනය කිරීමට සැලැස්විය යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.

මිට වසර කිහිපයකට පෙර මෙරටට ගෙන්වනු ලැබූ සැමන් ටින් තුල තිබු පණුවන් හමුවූ බවත් එවිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් එක් සැමන් ටින් එකක පණුවන් දෙදෙනෙකු පමණක් සිටිනම් එය මිනිස් පරිභෝජනයට සුදුසු බවට සහතික කිරීමට සුදානම් වූ අවස්ථාවේදී එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී එම ටින් මාළු තොගය යලි ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කළ බවයි ආචාර්ය ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සඳහන් කර සිටියේ.