මිලියන 220ක රත්‍රං කිලෝ 17ක් සමග ගුවන් තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට

April 3, 2021 at 1:13 PM

නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝ 17ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළේ පවිත්‍රතා අංශයේ සේවකයෙකු බවයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සිදුකළ වැටලීමකදී අදාල සේවකයා අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

සැකකරු සතුව තිබී කිලෝග්‍රෑම් 17ක් බර රත්‍රං බිස්කට් 161 ක් සොයාගෙන ඇති අතර මෙහි වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 220කට ආසන්න වේ.