එය මඟ හැරෙන්නේ කෙසේද, මට සිතා ගන්න බැහැ : කර්ට්ලි ඇම්බ්‍රෝස් මවිතවූ DRS තීරණය (VIDEO)

March 30, 2021 at 9:18 AM

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩක ජෝෂුවා ඩා සිල්වා තමන් මුහුණ දුන් දෙවන පන්දුවේදී ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් කඩුල්ල මුවා කිරීමේ වරදට ලකුණු නොලබා දැවී ගියේ විනිසුරුවරයා විසින් ලබාදුන් තීන්දුවක් හේතුවෙනි.

විනිසුරුවරයා විසින් ලබාදුන් විනිශ්චයට එරෙහිව පිතිකරු විසින් ඉල්ලීමක් කෙරුණ අතර එය තුන්වන විනිසුරුවරයාගේ තීරණයට යොමු කෙරුණා.

තෙවන විනිසුරුවරයාගේ තීරණය ලබාදීමට පෙර පිටියෙන් ඉවතට යාමට ඇවිද ගිය ජෝෂුවා ඩා සිල්වා යලි පන්දුවට පහරදීමට අවස්ථාව උදාවුයේ විනිසුරුවරයා ලබාදුන් තීරණය තෙවන විනිසුරුවරයා විසින් නොදැවුනු ක්‍රීඩකයෙක් බවට තීරණය කිරිමත් සමගයි.

ජෝෂුවා දැවී ගිය පන්දුවේ ප්‍රතිරූපනය නරඹමින් සිටියි තරගයේ විස්තර විචාරක ශ්‍රීමත් කර්ට්ලි ඇම්බ්‍රෝස් පැවසුවේ “එය මඟ හැරෙන්නේ කෙසේද, මට සිතා ගන්න බැහැ යැයි සඳහන් කර සිටියා’.