ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නව ගෙවීම් ක්‍රමවේදය පිලිබඳ අරවින්ද ද සිල්වා හෙළිකරයි (VIDEO)

March 26, 2021 at 2:11 PM

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා මත ඔවුන්ට දීමනා ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා සඳහන් කර සිටිනවා.

පරාජිත තරඟ සඳහා වැටුප් අඩු කිරීම සහ ක්‍රීඩකයින්ගේ තනි කාර්ය සාධනය සඳහා දිරි දීමනා වැනි කලින් කොන්ත්‍රාත්තුවේ වගන්ති කිහිපයක් ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවයි මෙහිදී හිටපු ක්‍රිකට් නායක අරවින්ද සිල්වා සඳහන් කළේ.

ප්‍රධාන පෙළේ කණ්ඩායමක් පරාජය කළහොත් ක්‍රීඩකයින්ට දිරි දීමනා ලබා දිමට කටයුතු කරන බවයි මෙහිදී අරවින්ද ද සිල්වා වැඩිදුරටත් සඳහන් කලේ.