ජාත්‍යන්තර T20 පිටියේ හොදම පිතිකරණ ප්‍රහාරක වේගයේ ලෝක වාර්තාව ලංකාවට ක්‍රීඩා නොකරන ශ්‍රී ලාංකිකයෙක්ට

March 26, 2021 at 5:42 PM

2004 වසරේ ආරම්භකරන ලද ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත්ම ප්‍රහාරක වේගය සතු පිතිකරුවා ශ්‍රී ලාංකිකයෙකු සහ ආදී ලුම්බිණි පුත්‍රයෙකු බව ඔබ දන්නවද ?

නමින් ඔහු රවිජ සඳරුවන් වන අතර ඔහු නියෝජනය කරන්නේ තමන් උපන් මව් භුමිය නොව කුවේට් රාජ්‍යයයි. ලෝක වාර්තාව ඔහු සතුවෙන්නේ 165.8ක් ලෙස ඔහුගේ පිතිකරණ ප්‍රහාරක වේගය සටහන් වීම නිසා.

කොළඹ හැව්ලොක් ටවුමේ ලුම්බිණි මාතාව නියෝජනය කරමින් පාසැල් ක්‍රිකට් දිවියේ දක්ෂතා දක්වන රවිජ සැරසෙන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් සමාජ තරග බිමට පිවිස කුවේට් ජාතික කණ්ඩායමෙන් අන්තර් ජාතික පිටියට අවතීර්ණ වී මේ ලෝක වාර්තව තමන් සතුකරගෙන තිබෙනවා.

ක්‍රිකට් ලෝකයේ විස්සයි 20 ප්‍රබලයින් සියලු දෙනාගේ නමට වඩා එම වාර්තාව තමන් ගේ නම ඉදිරියේ සනිටුහන් කර ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

එහි දෙවන ස්ථානයේ සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල් වන අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 158.92 ක් වනවා.

R Sandaruwan (KUW) 2019-2020 165.80
GJ Maxwell (AUS) 2012-2021 158.92
TH David (SGP) 2019-2020 158.52
C Munro (NZ) 2012-2020 156.44

https://stats.espncricinfo.com/ci/content/records/282920.html

රවිජ පන්දුවාර 20 ජාත්‍යන්තර තරග 1කදී පිතිකරණ සාමාන්‍ය 44.38ක් ලෙස සටහන් කරගෙන තිබෙනවා.