අමෙරිකා එක්සත් ජනපදයේ ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් NDB බැංකුව 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස අභිෂේක ලැබූ වගයි.

March 26, 2021 at 10:11 AM

2020 වසරේද විශිෂ්ටතම බැංකුව ලෙස එක්සත් රාජධානියේ ”ද බෑන්කර්” සඟරාව විසින් කිරුළු පැළඳු NDB බැංකුව නැවතත් 2021 වසරේද ”ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව” ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ”ග්ලෝබල් ෆිනෑන්ස්” සඟරාව විසින් තෝරා පත් කරගෙන ඇත. ගෝලීය වශයෙන් පවත්නා මුල්‍ය සම්මාන උළෙලයන් කිහිපය අතරින් , ප‍්‍රධාන වශයෙන්  සලකන මෙම ජාත්‍යන්තර සම්මාන අවස්ථා දෙකෙහිම සම්මානයට පාත‍්‍ර වීම NDB බැංකුවේ සුවිශේෂී අවස්ථාවක් වන අතර ශ‍්‍රී ලංකාවේ බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් පිට පිටම මෙලෙස ජාත්‍යන්තර වශයෙන් ඇඟයීමට පත් වීම ඉතාමත් විරල අවස්ථාවක් ද වේ.

ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත බැංකු ආයතනය ලෙස NDB බැංකුව මඟින් ශ‍්‍රී ලංකා ආර්ථිකයට වන දායකත්වය සහ NDB බැංකුව කෙරෙහි ඇති ජනතා ප‍්‍රසාදයදල COVID -19 වසංගතය ඇති වීමත් සමඟම සිය පාර්ශවයන්ගේ මුල්‍ය සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ අයුරුත් ශ‍්‍රී ලංකා ආර්ථික යාන්ත‍්‍රණය නිසියාකාරව පවත්වාගෙන යාමට දායක වුණු අයුරුත් මෙම ශ‍්‍රී ලංකාවේ ”විශිෂ්ටතම බැංකුව” ලෙස මෙම ද්විත්ව ජයග‍්‍රහණයන් ඔස්සේ මනාව පිළිඹිබු කරයි. තවදල අමෙරිකා එක්සත් ජනපදයේ ”ග්ලෝබල් ෆිනෑන්ස්” සඟරාව මඟින් ලද ජයග‍්‍රහණයත් සමඟම NDB බැංකුවට සිංගප්පුරුවේ ඞී බී එස් බැන්කුව , ඕස්ටේ‍්‍රලියාවේ කොමන්වෙල්ත් බැංකුව සහ ඇමෙරිකා බැංකුව වැනි ලොව ප‍්‍රමුඛ පෙළේ බැංකු සමූහයක් සමඟ අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව ලැබී ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ”ග්ලෝබල් ෆිනෑන්ස්” සඟරාව විසින් ලද සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව සිය අදහස් දක්වමින් NDB හි අධ්‍යක්ෂ / සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේල මෙම ජයග‍්‍රහණය පිළිගැනීමට NDB බැංකුව සමඟ අත්වැල් බැඳගනිමින්, ශ‍්‍රී ලාංකීය  බැංකුකරණයේ  NDB සන්නාමය ජාත්‍යන්තර තලයට ගෙන යාමට සිය සහය ලබා දුන් සියලූම ගනුදෙනුකරුවන්ට,කොටස් හිමියන්ට, අනෙකුත් පාර්ශවකරුවන්ට සහ භෘඊ කාර්යය මණ්ඩලය වෙත සිය හෘදයාංගම කෘතඥතාවය පළකරන බවයි.

CSE - Colombo Stock Exchange

ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවෙහි ප‍්‍රකාශක සහ කර්තෘ අධ්‍යක්ෂ ජෝශප් ඞී. ගයෑරපුටෝ විසින් කරන ලද ප‍්‍රකාශය අනුව, ”ලොව පුරාම ආර්ථික ස්ථායිතාවයන් සඳහා බැංකු  විශාල කාර්යය භාරයක් ඉටු කරයි. අපගේ විශිෂ්ටතම බැංකු සම්මානයන් මඟින්  ඉස්මතු කරන්නේ බැංකු සහ මුල්‍ය අංශ වර්ධනය යථා තත්ත්වයට පත් කිරීමට සහ ඔවුන්ට ඉදිරියට මඟ සාදා දීමයි. ගෝලීය COVID-19 වසංගතය හේතුවෙන් සිදු වූ ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගෙන, ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවෙහි වසර 28 ක ඉතිහාසයේ අත්දැකීම් පාදක කොට ගෙන කරන ලද, 2021 වසරේ ඇඟයීම් වඩා වැදගත් හා වටිනා බව ” ඔහු තවදුරටත් පැවසීයග

සූක්ෂම තෝරා ගැනීමේ ක‍්‍රියාවලියක් යටතේ ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ”2021 වසරේ සම්මාන උළෙලේ ජයග‍්‍රාහකයින් වන්නේ පසුගිය දුෂ්කර කාල සීමාවන් තුල සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ප‍්‍රවේශමින් විශ්ලේෂණය කර විසඳීමට මුල්‍ය සහ උපදේශන සේවා ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාරික සහ මුල්‍ය අනාගතය සඳහා අඩිතාලම දැමූ ශක්තිමත් ප‍්‍රතිඵල ලබා ගත් බැංකු බවයි.ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවෙහි සංස්කාරවරුන් විසින් ආයතනික මූල්‍ය ප‍්‍රධාන විධායක නිලධාරීන්, බැංකුකරුවන් හා බැංකු උපදේශකයින් සහ මුල්‍ය විශ්ලේෂකයින් සමඟ පුළුල් ලෙස සාකච්ඡුා කිරීමෙන් අනතුරුව සියලූම තේරීම් සිදු කරන ලදී. මෙම විශිෂ්ටතම බැංකු තෝරාගැනීමේදී ග්ලෝබල් ෆිනෑන්ස් විසින් සලකා බැලූ ප‍්‍රධාන නිර්ණායක කීපයක් වන්නේ වත්කම්වල වර්ධනය, ලාභදායිතාවය, භූගෝලීය ප‍්‍රවේශය, උපායමාර්ගික සම්බන්ධතා, නව ව්‍යාපාර සංවර්ධනය සහ නිෂ්පාදනවල නව්‍යකරණය, ණය ශ්‍රේණිගත කිරීම් බව තවදුරටත් මෙම පුවත්පත් නිවේදනය මඟින් සඳහන් කරයි.

COVID-19 ව්‍යසනයේ අභියෝග නොතකා, NDB සමූහය 2020 වර්ෂය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යය සාධනයක් වාර්තා කළ අතර, සිය පාරිභෝගිකයින්ගේ ජිවන රටාව මුල්‍ය ස්ථාවරත්වය මඟින් පුනර්ජීවනයට හා සමෘද්ධියට පත් කිරීම උදෙසා සිය පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය සහය ලබා දීමට කැපවූ ආයතනය විය. COVID-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවල කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා වැදගත් සහයක් සැපයීම අරමුණු කරගත් සෞභාග්‍යා පුනරුද ණය පහසුකම යටතේ  සිව්වන විශාලතම ණය සපයන්නා ලෙස NDB බැංකුව ඉස්මතු විය. තවද බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල්කරණ පුරෝගාමියා ලෙස ප‍්‍රගතිශීලී දියුණුවක් ද සිය ගනුදෙනුකරුවන්ට විඳගැනීමට මෙන්ම ඩිජිටල්කරණය මඟින් බැංකු සහ මුල්‍ය විසඳුම් දල මෙම නව්‍යකරණ ඩිජිටල් පද්ධති තුලින් මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ද සිදුවිය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නෝර්වීජියානු මුල්‍ය සංවර්ධන ආයතනය වන නෝර්ෆන්ඞ්  (NORFUND) විසින් NDB බැංකුවේ ආයෝජනය කිරීමක්ද සිදුවිය. මෙම ආයෝජන සැලසුම් ප‍්‍රකාරව බිලියන 8ක හිමිකම් නිකුතුවකට දායකත්වය ලබා දෙන බව නිවේදනය කර ඇත. මෙම නෝර්ෆන්ඞ්  (NORFUND) මුල්‍ය සංවර්ධන ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ කරනු ලබන පළමු ආයෝජනයද මෙය වේ. NDB බැංකුව වසර 40ක් පුරා දේශීය හා විදේශීය සම්මාන 60කට අධික ප‍්‍රමාණයකට හිමිකම් දරන අතර ශ‍්‍රී ලංකාවේ අග‍්‍රගණ්‍ය බැංකුකරණ සේවයේ විශ්වාසවන්ත පුරෝගාමියා ද වේ.