වෙත්තමුණි ගෙන් ලද උපදෙස් නිසා අවසන් තරගයේදී ලකුණු අතරට ඒමට හැකිවුණා – සනත් හෙළිකරයි

March 23, 2021 at 8:27 PM

රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් මහ තරගයට ක්‍රීඩා කිරිමට පෙර සිය පිතිකරණය සම්බන්ධයෙන් තමන් හිටපු ක්‍රීඩක සිදත් වෙත්තමුණිගෙන් උපදෙස් ලබා ගත් බව සනත් ජයසුරිය ප්‍රකාශ කර සිටිනවා.

ජයසුරිය යලි පිටියට පිවිසියේ වසර 09 කට පසුව වීම විශේෂත්වයක්.

Newswire වෙබ් අඩවිය සමග සාකච්ජාවකට එක්වෙමින් සනත් ජයසුරිය කියා සිටියේ තමන් පන්දු යැවීමේ අංශයෙන් දස්කම් දක්වනු ලැබුවත් පිතිකරණ අංශයෙන් පසුබෑමකට ලක්ව සිටිය බවයි.

මේ සම්බන්ධයෙන් තමන් සිදත් වෙත්තමුණි ගෙන් උපදෙස් ලබා ගත් බවයි සනත් ජයසුරිය ප්‍රකාශ කළේ.

වයසත් සමග පිතිකරණයේ යෙදීමේදී දෑත්වල ක්‍රියාකාරිත්වය මන්දගාමී වීමනිසා  පෙර මෙන් හොදින් දස්කම් අතරට ඒමට නොහැකිවීම ඊට හේතුව බව සිදත් වෙත්තමුණි මෙහිදී තමන්ට පැහැදිලි කර දුන් බවයි ජයසුරිය සඳහන් කළේ.

මේ නිසා පිතිකරණය යෙදිමේදී වේගයෙන් දෑත්වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නා ලෙස උපදෙස් ලද බවයි ජයසුරිය සඳහන් කළේ.

ඒ අනුව ඉන්දියාව අතර පැවති තරගයේදී සිදත් වෙත්තමුණි ලබාදුන් එම උපදෙස් අනුව තමන් ක්‍රියාකළ බවත් පන්දු කිහිපයකට මුහුණ දීමෙන් අනතුරුව තමන් සුපුරුදු රිද්මය අනුව පැමිණි බවයි ජයසුරිය සඳහන් කළේ.

සුපුරුදු රිද්මයට පැමිණීමත් සමගම ආත්ම ශක්තිය වර්ධනය වූ ජයසුරිය ගේ පිත්තෙන් එල්ල කළ පහරවල් වලට ශ්‍රී ලන්කන් ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් ද මවිතයට පත්ව සිටින අයුරු දක්නට ලැබුණා.

ඉන්දියාව හමුවේ ලකුණු 14 කින් පරාජයට පත්වූ තරගයේදී සනත් ජයසුරිය වේගවත් ලකුණු 45ක් රැස් කර ගනු ලැබුවා.

ඉන්දීය කණ්ඩාමේ නායක සචින් තෙන්ඩුල්කාර් ද තමාගේ අවසන් ඉනිමේ පිතිකරණය සම්බන්ධයෙන් ප්‍රශංසා කළ බව මෙහිදී ජයසුරිය සඳහන් කර සිටියා.