අනු ශුරතාවය දිනා පැමිණි ශ්‍රී ලන්කන් ලෙජන්ඩ්ස් කණ්ඩායම කියූ දේ (VIDEO)

March 23, 2021 at 12:34 PM

ඉන්දියාවේ පැවති “Road Safety” තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (22) සවස දිවයිනට පැමිණියා. කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කණ්ඩායම එම ස්ථානයෙන් නික්ම යෑමට පෙර මාධ්‍යවේදීන් හමුවේ සිට අදහස් පළ කර සිටියා.

එහිදී අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියපවසා සිටියේ, ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් ව නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි බවයි.

“අපි මේ කරන හැමදේම කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් උඩට යන්න ඕනේ කියන චේතනාවෙන්. ඒක තමයි අපේ බලාපොරොත්තුව. අපි අලුත් දෙයක් කරා. අපි පරණ ක්‍රීඩකයෝ ගිහින් කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරලා හැම කෙනෙක් ම ඒ ජයග්‍රහණය අපි සන්තෝෂයෙන් විඳ දරා ගත්තා.“

“අපි කාලයකට පස්සේ අපි ක්‍රිඩා කළේ සනත් අයියලා ක්‍රිඩාවෙන් සමු අරගෙන අවුරුදු 10ක් වගේ වෙනවා. පළවෙනි දවසේ ඉදන් අපි පවුලක් වගේ එකට හිටියා ඒ නිසා ලොකු කණ්ඩායම් හැගීමක් තියෙනවා.“ මාධ්‍යට අදහස් දැක්වමින් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන් කියා සිටියේ.