ශ්‍රී ලංකා ජේෂ්ඨයින් අනු ශුරයින් වෙයි

March 22, 2021 at 9:06 AM

Road Safety World Series ප්‍රවීණයන්ගේ ලෝක ශූරතා තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, අවසන් තරගයේදී ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම පරාජයට පත් කරමිනි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 181ක් රැස් කර ගත්තා. ඉන්දියාව වෙනුවෙන් යුවරාජ් සිං ලකුණු 60ක් රැස් කළ අතර යුසුෆ් පතාන් නොදැවී ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 දැවී රැස් කළේ, ලකුණු 167ක් පමණයි. යලිත් සිය සුපුරුදු රිද්මයට පැමිණි සනත් ජයසූරිය පන්දු 35කදී අලංකාර 6 පහරක් ද සමගින් ලකුණු 43ක් රැස් කළ අතර කෞෂල්‍ය වීරරත්න පන්දු 15කදී ලකුණු 38ක් රැක් කර ගනු ලැබුවා. චින්තක ජයසිංහ ලකුණු 40යි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අනුශූරතාව හිමිවුවා. තරගාලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් සම්මාන හිමි කර ගත්තා.