ශ්‍රී ලන්කන් ලෙජන්ඩ්ස් අවසන් තරගයට

March 19, 2021 at 10:22 PM

අවසන් පුර්ව වටයේ තරගයේ දී දකුණු අප්‍රිකාව කඩුලු 08කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන විස්සයි 20 තරගයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත්වුවා.

ලකුණු 126 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත් වුවා.

ලකුණු හඹා යෑමේදී චින්තක ජයසිංහ පන්දු 25කින් ලකුණු 46ක් රැස් කළ අතර උපුල් තරංග නොදැවී ලකුණු 39ක් රැස් කර ගනු ලැබුවා.

රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන අවසන් තරගය ලබන 21 වෙනිදා ඉන්දියාව සමග ක්‍රීඩා කිරිමට නියමිතයි.