රෝඩ් සේෆ්ටි තරගාවලියේ හොඳම පන්දු යැවීම කුලසේකරගේ නම ඉදිරියෙන් සටහන් වෙයි

March 19, 2021 at 8:47 PM

රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ හොඳම පන්දු යැවීම නුවන් කුලසේකර ගේ නම ඉදිරියෙන් සටහන් වුණා. ඒ දකුණු අප්‍රිකාව සමග අවසන් පුර්ව තරගයේදී කුලසේකර සිය පන්දු ඕවර 4 තුලදී ලකුණු 2 කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න දිල්ශාන් විසින් ගේ ආරාධනයෙන් පළමුවෙන් පිතිකරණයට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 තුලදී සියලු දෙනා දැවී ලකුණු 125ක් රැස් කර ගනු ලැබුවා.

දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකරු VAN WYK ලකුණු 53ක් සහ ඇල්පවේරෝ පිටර්සන් ලකුණු 27ක් රැස් කර ගනු ලැබුවා.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 25 කට කඩුලු 05ක් දවා ගත් අතර සනත් ජයසුරිය,  ෆ්ර්වේෂ් මහරූෆ් සහ කෞෂාල් වීරරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්තා.