96 ලෝක කුසලාන ජය ගැන හිටපු මැකෝ කියූ කතාව

March 18, 2021 at 9:59 AM

1996 ලෝක කුසලාන ජයග්‍රහණය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් සිය මුහුණු පොතේ අපුරු සටහනක් තබා තිබෙනවා. මේ එම සටහනයි…

අවුරුදු 25කට පෙර ලෝක ක්‍රිකට් කුසලාන දිනාගැනීම සමරනුවස් බොහෝ දෙනෙක් ලියති .මේ ගැන මගේ මතකය ගැන AL Ameen ඇතුළු අපගේ මිතුරන් රැසක් විමසයි. එහි මතකය හා රසවත් කරුණු සැමදෙනාම ලියා තිබේ.

එදින පමණක් නොව ඒ කාලය තුළම අපගේ සතුට දෝරේ ගලා ඉතිරී පිටාර ගිය බව හා එදින එය උච්චතම මට්ටමට එළඹි බව පමණක් කියමි..

ආගමික, භාෂාමය, සංස්කෘතික, සමාජයීය හෝ ජනවාර්ගික භේද වලින් තොරව සමස්ත ශ්‍රී ලාංකිකයන්ම සතුටුවූ එ් අවස්ථාව පිළිබඳව එනම් සියලුම දෙනා එකාවන්ව සතුටු වූ බව පෙන්වීම සඳහා මාධ්‍යවේදියකු ලියා තිබූ යුක්තිය පත්‍රයේ පළවූ ප්‍රබන්ධයක් පහත උපුටා දක්වමි්‍.

‘ මුලතිව් මහ කැලෑවේ දී අවසන් මහා තරගය නැරඹූ එවකට ශ්‍රී ලංකව බෙදා වෙන්කර වෙනම රටක් ඉල්ලමින් දරුණු දෙස යුද වදිමින් සිටි LTTE නායකයන් හා සටන්කරුවන් සියලුදෙනාම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය නිසා උද්දාමයට පත්ව ජයඝෝෂා නැගීමට පටන්ගත්තේලු ..සමහරුන් ප්‍රීතිය ප්‍රකාශ කිරීම් වස් අහසට වෙඩි තැබීමටද පටන් ගත්තේලු . එක් අයකු පමණක් ඔවුන⁣ට එක් නොවී පසකට වූවාලු . ඒ ඇන්ටන් බාලසිංහම්ලු . අන්නා ,ඇයි මේ ඇයි කියා ඔහුගෙන් විමසූවිට ඔහු කීවාලු, මටත් හරි සතුටුයි. ඒත් මං ගෙදර ගිහින් ඇඩෙලාට මුහුණ දෙන්නෙ කොහොමද? එයා අඬනවා ඇති. කිවිවලු’

ඒ තමයි මතක ඇති කාලෙක අපේ රටේ සියලු දෙනාම සතුටු වූ දවස..

පලි :

(ඇඩෙලා ඔසී රටේ අයෙකි )