ලෝක කුසලාන ජයග්‍රහණයට 25 වසරක් සැපිරෙන දා අසංක ගුරුසිංහ තැබූ සටහන

March 17, 2021 at 10:41 AM

1996 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුගේ මව්වරුන්ට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා උපහාර දක්වා තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් අසංක ගුරුසිංහ කියා සිටියේ මෙම මව්වරුන් පස් දෙනාගේ සහය නොමැතිව ප්‍රධාන ක්‍රීඩකයින් පස් දෙනාට මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට උරදීමට නොහැකිවන බවයි.

සිය මවද ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩකයින් වන අර්ජුන රණතුංග, හෂාන් තිලකරත්න, රොෂාන් මහනාම, අරවින්ද ද සිල්වා යන ජේෂ්ඨ ක්‍රීඩකයින්ගේ මව්වරුන්ට අසංක ගුරුසිංහ සිය උපහාරය දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන ජයග්‍රහණය ලබා අදට 25 වන සංවත්සරය සනිටුහන් කර සිටිනවා.

මෙරට ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම සනිටුහන් කිරීම සඳහා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ සුවිශේෂී උත්සවයක් ද සංවිධානය කර තිබේ.