අසාද් සාලි CID අත්අඩංගුවට

March 16, 2021 at 6:49 PM

මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අසාද් සාලි විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් හරහා දණ්ඩ නීති සංග්‍රහය, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව මෙන්ම 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංගනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණා.