ධනුෂ්ක ගුණතිලකට විනය චෝදනා එල්ලවූ හේතුව (VIDEO)

March 16, 2021 at 1:06 PM

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ලවී තිබෙනවා.

භාෂාව, ක්‍රියාවන් හෝ අංගචලනයන් භාවිතා කරමින් ක්‍රීඩකයෙකු තවත් ක්‍රීඩකයෙකුට ආක්‍රමණශීලි අයුරින් ප්‍රතිචාර දැක්වීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාර් ධර්ම පද්ධතියේ 2.5 වගන්තියට ප්‍රකාරව ධනුෂ්ක ගුණතිලක වරදක් කර ඇති බවයි තහවුරු වී ඇත්තේ.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ විනය වාර්තාවෙන් එක් ලකුණක් අඩුවූ අතර ගතවූ මාස 24 ක කාලය තුලදී ඔහු ගෙන් සිදුවූ පළමු වරද එය වනවා.

බටහිර ඉන්දීය කොදෙව් ඉනීමේ දී ධනුෂ්ක ගුණතිලක විසින් යැවු 35 වන පන්දු ඕවරයේදී නිකලස් පුරාන් දැවී යාමේදී, ගුණතිලක විසින් නුසුදුසු වචනයක් භාවිතා කිරීම එම වැරැද්ද වනවා.