දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ඉදිරියෙන් සිටියත් ශ්‍රී ලංකාව දෙවන තැනට ඇද දමමින් ඉන්දියාව පළමු තැනට එයි

March 15, 2021 at 11:45 PM

රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට එක්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සිය මුලික තරග වලදී තරග 05ක් ජයග්‍රහණය කොට එක් තරගයක් පමණක් පරාජයට පත්ව තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ප්‍රසාද ලකුණු 20 බැගින් රැස් කර ගෙන ඇති අතර කණ්ඩායම් දෙකම එක් තරාගය බැගින් පරාජයට පත්ව ඇත.

දළ ලකුණු ලබා ගැනීමේ වේගයට අනුව ශ්‍රී ලංකාව (+1.771) ඉන්දියාවට ( +1.733) ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්ව සිටිනවා.

කෙසේ වුවත් තරගාවලියේ නීති රීති අනුව දළ ලකුණු වේගයට සාපේක්ෂව අදාළ කණ්ඩායම් දෙකඑකිනෙකාට එරෙහිව ජය ලබා තිබීම අවසන් පුර්ව වටයට කණ්ඩායම් තේරීමේදී සලකා බැලේ.

එම නිතිය අනුව තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට ඉන්දියාව පත්ව ඇති අතර ඔවුන් ලකුණු සටහනේ 04 වන ස්ථානයේ පසුවන කණ්ඩායම සමගද, දෙවන ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ස්ථානයේ පසුවන කණ්ඩායම සමග අවසන් පුර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී මෙම තරගාවලිය අත්හිටුවන අවස්ථාවේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් පරාජයට පත්වුවා.